Thursday, July 26, 2018

      
                 නෙත් සිත් බැඳගත් සොඳුරු සේද  ඇතිරිල්ල



                         නෙත් සිත් ඇදගන්න සමහර දසුන් හරිම ලස්සනයි හිත නවත්තන්නෙ අපූරු විිදියට. ඒ විතරක්ම නෙමෙයි, මතකයේ රැදෙනවා නොඅනුමානයි. මේ විදියට මතකයේ රැඳුණු අපූරු දසුනක් අපි අද විස්තර කරන්න හිතුවා   ලංකාවේ උසම දිය ඇළි අතර ඉන්න සුන්දර දිය කොමළිය කිරිඳි ඇල්ල.
               උසින් මීටර 940 විතර වෙන මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රීක්කයේ පැල්මඩුල්ල නගරයට ආශ්‍රිතව. සබරගමු පළාතේ තියෙන තවත් සුන්දරතම දිය ඇල්ලක්. හරියටම සේද රෙද්දක් වගෙයි ලතාවට සීරුවට ජල කඳ පහළට ගලාලෙන එනවා. කිසිම කලබලයක් නෑ කුට්ටාපටිය කන්දෙන් ඇරඹෙන කිරිඳි ඇල්ල මේ මණරම් දිය කොමළියගේ නිරිමාණකරුවා බවට පත් වෙනවා. අවසානයේ මේ ජලය එකතු වෙන්නේ කඵ ගඟට.
              කොළඹ ඉදන් දිය ඇල්ල නරඹන්න එන කෙනෙක්නම් මාර්ග  අංක 99 බස් රථයක ඇවිත් පැල්මඩුල්ල නගරයෙන් තොටිගම බස් රථයක ගොඩ වෙලා මේ දිය ඇල්ළ ලඟින්ම බැහැගන්න පු`ඵවන්- ඒ වගේමයි පුද්ගලික වාහනයක එනවනම් රත්නපුර නගරයට පැමිණෙන්න පු`ඵවන්- අනතුරුව රත්නපුර පැල්මඩුල්ල මාර්ගයේ කුට්ටාපිටිිය හන්දියට කිලෝමීටර භාගයක් වගේ දුුරින් හැරිලා ආයෙමත් කිලෝමීටර හතක් වගේ ගියහම  මේ මණරම් දිය කොමලිය දැක ගන්න පුඵවන් 
සඳහන් කරපු කරුණු වලට කලින් මතක් කරන්න වෙන සුවිශේෂී කරුණක් තිබෙනවා.ඒ තමයි ඒ තමයි සොඳුරු පරිසරයට ආදරය කරන්න විනාශ කරන්න එපා.  පොළිතින් ප්ලාස්ටික් අරගෙන ගිහින් අවට පරිසරය විනාශ කරන්න එපා.එහෙම උනොත් අපි දනික සුන්දරත්වය තවත්  කෙනෙකුට දැකගන්න නොලැබේවි.
ලංකාවේ තිබෙන අනෙකුත් බොහෝ දියඇලිවලට වඩා කිරිඳි ඇල්ල දිය කොමළිය අතිශය සුන්දරයි.ඒ බව දිය කොමළිය දකින ඕනෑම කෙනෙක්ට පැහැදිළි වේවි. විශාල  ගල් පොත්තක් මත පුඵල් ප්‍රදේශයක දිය ඇල්ල ගලාගෙන බහිනවා  හරියට සේද ඇතිරිල්ලක් දිග හැරලා වගෙයි සේ දසුන ඇත්තටම පුදුමාකාර තරම් සුන්දරයි .සීතල දිය බිඳු සුළගත් එක්කම මුසුවෙලා ඒ එක්කම ගතේ දැවටෙනවා.මේ දසුන දිය කොමළියගේ මනස්කාන්ත බවට එක්කරන්නේ  නිමක් කොනක් නැති චමත්කාරයක්
දිය ඇල්ල   සමීපයට එන්නනම් පඩි 200ක් විතර ප්‍රමාණයක් එක දිගටම බහින්න සිදු වෙනවා.ඒ බෑවුමකුත් එක්කම.මේ දවස්වල යනවනම් ගොඩක් පරිස්සමින් යන්න වෙන ගමනක්. මොකද වැස්ස නිසා පරිසරයේ තියෙන දිය සීරාව ගමනට බධාවක් වේවි අනිවාර්යයෙන් ම. ඒ වගේමයි    වැඩිහිටි උදවියට  පඩි දිගේ යන ගමන ටිකක් විතර අමාරු කාර්යයක්  වේවි 
දිය කොමළියගේ සුන්දරත්වයට එහා ගිය අපූරු කතාන්දර ගොන්නකුත් ඒ අතර සැඟවිලා තියෙනවා.මේ අපූරු දිය කොමළියගේ සමීපයට ගියහම දැනුන අපූරු හැඟීම මේ ගැන ටිකක් වැඩියෙන් විස්තර හොයන්න අපිව උනන්දු කළා. දැනගත්ත විදියට සුන්දරත්වයට එහා ගිය භයානක මතකයක් මේ දිය ඇල්ල  මිනිස්සුන්ගෙන් සඟවගෙන නිහඩව ගලා යනවා 
කිරිඳි ඇල්ල කියන්නේ මේ වෙනකොටත් ජීවිත කිහිපයක් බිළිගත්ත ස්ථානයක් ඒ වගේමයි කීප දෙනෙක් සියදිවි නසාගෙන තියෙනවා. මේ නිසාම කිහිප දෙනෙක් එකතු වෙලා යනවනම් තමා  ඇඟට ගුණ  මෙහෙම කියන්න තවත් විශේෂ හේතුවක් තියෙනවා.ඒක මේ ගමනෙදි අපි විඳපු අත්දැකීමක්.අපි දිය ඇල්ල නරඹන්න ගියේ හතරදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්. හැබැයි මේ අතරින් ඇල්ල ලඟටම ගියේ අපි තුන්දෙනෙක් විතරයි- එක්කෙනෙක් මග නැවතුනා මඟ කීවට දිය ඇල්ල සමීපයට යන පඩිිපෙළ අසලින් ඒ උනත් අපි දිය ඇල්ල නරඹලා ආයෙමත් එනකොටනම් නැවතුන කෙනා හිටියේ නෑ. ඉරත් බැහැගන යනවා.ඒ මදිවට ගොම්මන්  අඳුර.අපේ සිත්  ටිකක් විතර චංචල උනා.අපේ යාඵවා හිටපු ගමන් අතුරුදහන් උනේ කොහොමද කියල.කොහොම උනත් අතුරුදහන් උන කෙනා අපට හමුඋනේ ඒ සමීපයේ තිබුණ නිවසක ඉදලා  ඒ අපේ යාඵවා තනියම ඉන්නවා දැකලා නිවසේ හිටපු කෙනෙක් අපේ යාඵවාට එහෙට වෙලා ඉන්න කියලා මේ සිදුවීමෙනුත් අපට තේරුණා. මේ නම් තනිපංගලමේ එන්න කොහෙත්ම හොඳ ගමනක් නොවෙයි.කියලා හැබැයි නොයා ඉන්නත් ඕන තැනක් නෙවයි.මොකද මේ සුන්දරත්වය අනිවාර්යයෙන්ම දැකගන්න වටින දෙයක්. මොකද අපේ රටේ අපට අයිති  මේ තරම් තැනක් දැකගන්න බැරි උනොත් ඒක අපේ අවාසනාව. විදේශිකයන් ඇවිත් අපේ සුන්දරත්වය නරඹන අතරෙ අපි ඒ වගේ තැන් දැකබලා නොගන්නවනම් ඒත් ඉතින් අපේ අවාසනාවම තමයි.
මේ හැමදේම නිසාම කිරිඳි ඇල්ල නරඹන්න ඔයාලත් එන්න. හැබැයි මේ පරිසරය විනාශ කරන්න එපා.ඒ වගේමයි කට්ටියත් එක්කම සෙට් වෙලා හොඳ සූදානමක් ඇතිව යන්න ඉර බැහැයෙන යන ගොම්මන් වෙලාවකට වඩා සුන්දර උදෑසනක මේ ගමන පිටත් උනොත් ජීවිතයට අමතක නොවෙන ලස්සන අත්දැකීමක් එකතු කරගන්න හැමකෙනෙක්ටම පුඵවන් වෙයි.
                                                              NG...☺️

No comments:

Post a Comment

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...