Friday, June 15, 2018

සමලිංගික ප්‍රේමය 


                             සමලිංගික ප්‍රේමය ගැන කියවෙන තවත් පද ගැලපුමක් කපුගේ සහ දිවුල්ගනේ ගයන ' රුවක් ඇදෙනවා' ගීතය. මේක ලිව්වේ මහින්ද දිසානායක.  

රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..
 මීවිත ඇදිරිය දෑස වසනවා...
 හද පොදි බැදි දුක දිය කර පා කර 
ඔබේ ලොවට මා මොහොතින් එනවා..

සොදුරු යොවුන් විය මල් මග මුල හිද 
කිම තොල මී විත පොගවන්නේ...
 නුරා විරහ ගිනි නිවා දමන්නයි 
සුරාවකින් මා දෙතොල තෙමන්නේ

නැගුනු නුරා ගිනි මී පොද වැටිලා 
හතර අතින් දලු ලා එනවා...
අවන්හලේ මී විත තනි කරලා
 වරෙන් මලේ පියවර නගලා.. 

පිරිමි දෙදෙනකු ගයන මේ ගීතය අවසානයේ ලිංගික ආරාධනාවක් තියෙන්නේ.. 

ආදර මල් වල...... පාට කියන්නද 

ඒ වගෙ ලස්සන තව නෑ 
ඒ වගෙ ලස්සන තව නෑ  

මීදුම් පිණි පොද දෑස වසන් කළ 
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

දේදුණු රේඛා දෑසම තවරා 
තවමත් මල් සිත බලා සිටිනවා

මීදුම තවරා සුළඟට 
ඈතක සගවා තුන් සිත 
දෑස හොරෙන් ඈත සොයනවා 
අඳුර මැදින් එන්න සඳලියේ 

දේදුණු සායම දෑසම බොද කර 
මාලති යායක හැලිලා 
මාලති යායක හැලිලා 

 සීතල හිම කඳු යාය පියමැන
 දෙව්ලිය සිහිනෙක වැඩියා
 දෙව්ලිය සිහිනෙක වැඩියා 

                            කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ ගයන ආදර මල්වල පාට කියන්නද ගීතය සම්බන්දයෙනුත් ඇතැම් විචාරකයන් මේ සමලිංගික ප්‍රේමයක් හා විෂම ලිංගික ප්‍රේමයක් අතර ගැ‍ටුමක් කේන්ද්‍ර කරගෙන ලියුවක් බවට අදහස් පල කරනවා.   මේයද පිරිමින් දෙදෙනකු විසින් ගායනාකරන නමුත් මේ ගීතය සංකීර්ණ අරුත් දනවන්නක් බැවින් මේ කියැවෙන්නේ සමරිසි ප්‍රේමයක් දැයි නිසැකවම තබා උපකල්පනයක් හෝ දිය නොහැකියි.  මේ ගීතයේ පද අතර ඇති 'දේදුණු' , සමලිංගිකත්වය සංඛේතවත් කරන දේදුණු වර්ණ ධජය හා පැටැලැවී තිබීමක් නිසා මේ සමරිසි ගීතයක් යැයි ඇතැම් අය නිසැක ලෙස අදහස් පල කළත් මේ තවදුරටත් විමසිය යුතු අපූර්ව ගීත නිර්මාණයක්...    ලංකාවේ විශේෂයෙන්ම රූපරචනයන් සහිතව ඉදිරිපත් කරනු ලබන බොහෝ ගීත නිර්මාණයන් වල තිබෙන පොදු ඛේදවාචයක් ගැනත් යම් සටහක් තැබිය යුතුයි.   මොකද අපි අහන දකින ගී නිර්මාණවල රචකයන් ඇත්තටම ඒ නිර්මාණය මඟින් පවසන්නට තැත් කළ දේට වඩා හත්පසින්ම වෙනත් කතාවක් එම ගී රූපරචනයන් මගින් ඉදිරිපත් කරනවා.   මේ නිසා ගීත රචකයන් අදහස් කළ දෑ විකෘත වෙලා. මේ නිසා රූප රචනා සහිතව ගී රස විඳීමත් අද කාලයේ රසිකයන් නොමඟ යැවීමක් බවට පත්වෙලා

                                                                                                                       NG☺️..📝

No comments:

Post a Comment

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...