Wednesday, July 18, 2018


                  නැතුව බැරි ඇතුව බැරි සමාජ ජාල මාධ්‍ය 




  
                     නූතන තාක්ෂණික අභිවෘද්ධිය හමුවේ මිනිස් ජීවිතයේ  සෑම පැතිකඩක්ම තාක්ෂණය හා බැඳෙමින් පවතී. එහි ප්‍රතිඵලය ලෙස රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණ පෙරළියක් තුළින් තොරතුරු  හුවමාරුව සඳහා පෙළඹින. මෙහි ඵලය ලෙස සමාජ මාධ්‍ය බිහිවිණ. සයිබර් අවකාශයේ සැරිසරන ජනයා එකට මුණගැසී ඩිජිටල් වශයෙන් අදහස් හමුවමාරු කරගන්නා වේදිකාව ලෙස අර්ථ ගැන්විය හැකි සමාජ මාධ්‍ය නූතන මිනිසාගේ ඔක්සිජන් බවට පත්ව ඇත.

                                අන්තර්ජාලයේ ව්‍යාප්තිය සමඟ ඉතාම මෑතකදී වැඩි අවධානයකට ලක් වු face bok,instergream,viber,you tube,imo,twiter යනාදිය සමාජ ජාලයන් ලෙස හැඳින්විය හැකිය. ඇතැම් සමාජ ජාල ව්‍යාපාරිකයන්ට පොදු වෙමින් බිහිවුන ඒවා ද වේ.  නූතන කාර්යබහුල ජීවන රටාව තුළ සියල්ලටම තාක්ෂණයේ පිහිට පැතීම තුළ මිනිසා සමාජ ජාල මාධ්‍ය සමග එක්විණ. ඉතා කෙටි කාලයකින් මිනිස් සමාජය තුළ සියලු අස්කොන් අතික්‍රමණය කිරීමට සමාජ ජාලයන්ට හැකි වුයේ එහි ඇති ක්‍ෂණික බව හා ගතිකත්වය හේතුවෙනි. එතුළ අදහස් හුවමාරුව,  විනෝදාස්වාදය,  ප්‍රචාරණය මේ ආදි සියල්ල සඳහා සමාජ මාධ්‍ය වෙත කාර්යබහුල මිනිසා යොමුවින.

                        අබාධ පිවිසීමක් හා අබාධ පිටවීමක් සහිත මෙම සමාජ මාධ්‍යයන් ඇසුරු කරන්නන් එය බොහෝ අර පරිස්සමින් කළ යුතුය. මන්ද එයට අයිතිකරුවෙකු නැත. වෙලාවක් කලාවක් නැත. කතෘවරයෙකු නැත. සීමාවක් නැත. මේ නිසා එහි වගකීම ද සියලු හිතකර අහිතකර තත්වයන් ද විඳදරා ගැනීමට සිදු වන්නේ අපටමය.

                                විකිලික්ස් වැනි අර්බුධයන් හමුවේ සමාජයට පමණක් නොව ලොවටම ඇති වු අහිතකර තත්වයන් එයට උදාහරණයන්ය. දේශපාලනය, ආර්ථික,  සමාජ ආයතනවල ගැටුම් ඇති වීමටත් එදිනෙදා නව පරම්පරාවේ සිතුම් පැතුම් වලට ද සමාජ මාධ්‍යයන් හරහා එල්ල වී ඇති බලපෑම සුළුපටු නොවේ. එමෙන්ම ආදරය, විවාහය,  ලිංගිකත්වය වැනි මානුෂීය හැඟීම් පවා අද සමාජ මාධ්‍ය තුළ අලෙවි වන තත්වයකට පත්ව ඇත. පෙර පාසල් යන කුඩා දරුවෙකු පවා අද නව දැනුම සොයා යන්නේ google search කිරීමෙනි. තොරතුරු හුවමාරු කරගන්නේ facebook මඟිනි. මේ තුළ නිර්මාණය වී ඇත්තේ ඔන්ලයින් ලෝකයකි.

                               සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ ගෝලීය මට්ටමිනි. ඒවා හිමි සමාගම් රටක නීති රීති රාමුව තුළ ලියාපදිංචි වී සිටිනවා. එසේම මෙම ඕනෑම සමාජ මාධ්‍ය වේදිකාවක අප ගිණුමක් අරඹනවිට ඔවුන්ගේ කොන්දේසි ගණනාවකට අප අනුගත වන බවට එකඟවීමට සිදුවෙනවා. එහෙත් බොහෝ දෙනෙකු මෙම කොන්දේසි නොකියවා ම එයට එකඟ වී ගිණුම අරඹනවා. එතැනින් ඔබ්බට අප පලකරන හෝ හුවමාරු කරන අදහස්,  රූප,  ශබ්ද ඛණ්ඩ හෝ වීඩියෝ ආදිය එකින් එක විමර්ශණයට ලක් කරනු ලබන්නේ නෑ. මන්ද එසේ කිරීමට නොහැකි තරම් අතිවිශාල අන්තර්ගතයක් සෑම පැයකම මෙම සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සිදු වෙනවා.මේ නිසාම සමාජ මාධ්‍ය ඇසුරු කරන අප එයට ඇබ්බැහිවුවන් මෙන් කටයුතු නොකර සිහිනුවණින් එය ඇසුරුකළ යුතු වෙනවා.
                                                                                                                                       සමාජ මාධ්‍ය සම කළ හැකි වන්නේ ජනයාගෙන් පිරි ඉතිරි ගිය පොළකටයි. අනේක විද දේ අලෙවි කෙරෙනවා. කලබලය,  ඝෝෂාකාරි බව අධික වෙනත්   අලුත් එලවළු,  පළතුරු හා වෙනත් එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය හොඳ මිලකට ගන්න බොහෝ දෙනෙකු පොළට අනිවාර්යෙන්ම එනු ලබනවා. පොළට පිවිසෙන පාරිභෝගිකයෙකු මෙන්ම වෙළෙන්දෙකු ද තම පසුම්බිය හා අනෙකුත් දේ ප්‍රවේශම් කර ගත යුතුයි. එසේම මිලට ගන්නා විට හොඳ හැටි සොයා බලා එය කළ යුතුයි. සාධාරණ වෙළඳුන් අතර හොරට කිරන බාල බඩු විකුණන වෙළඳුන් සිටිය හැකිය. එසේම පාරිභෝගිකයන් සේ සැරිසරණ සමහරුන් ගැට කපන්නන් විය හැකිය.
                                         පොළ පවත්වන භූමිය පළාත් පාලන ආයතනයකින් වෙන් කරනු ලැබුවක් විය හැකි අතර එයට අවශ්‍ය යම් මූලික ආරක්‍ෂාව පොලිසියෙන් සමහර විට සැපයුව ද එයට පැමිණෙන සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජයටත් පොලිසියටත් නොහැකිය. තම තමන්ට වෙන්වු පෞද්ගලික වගකීමක් මෙහිදී පවතිනවා.සමාජ මාධ්‍යයන්ගේ තත්වය මීට කිසිසේත්ම වෙනස් නොවේ. මේ සියල්ල තුළ අප තේරුම් ගත යුත්තේ නිවැරදි මාධ්‍ය සාක්ෂරතාවයකින් යුක්තව සමාජ මාධ්‍ය භාවිතා කල යුතුයි. මන්ද එමගින් ගත හැකි නිවැරදි ප්‍රයෝජන අතිමහත් වන බැවිනි. එනම් නව මාධ්‍යයෙහි ඇති ක්‍ෂණික බව,  ආකර්ෂණීය බව ගතික බව අප ප්‍රයෝජනයට ගත යුතුයි. නව දැනුම සොයා යාමට,  විනෝදාස්වාදය,  අධ්‍යාපනය මේ ආදි සියල්ල සඳහා අප සමාජ මාධ්‍ය තුළ නිවැරදිව හැසිරිය යුතුයි.

                                     එහෙත් අප ගම් ගණනාවක් දුර සිටින අප සමඟ පැය ගණනක් සංවාදයේ යෙදි දැස් මානයේ සිටින්නා නොපෙනි යන තත්වයට සමාජ මාධ්‍ය භාවිතා නොකළ යුතුයි. එහි ඇති අහිතකර දේ වටහා ගත යුතුයි. වල්මත්වූවන් සේ අසැබි දේ තුළ ලැගුම් නොගත යුතුයි. විචක්‍ෂණශීලිව සමාජ මාධ්‍ය ඇසුරු කළ යුතු වේ. එවිට සමාජ මාධ්‍යයන්හි ඇති හරවත් දේ අපේ ජීවිතයට ලඟා කර ගත හැකි වනවා.


                                                                                    NG☺️..📝

No comments:

Post a Comment

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...