Sunday, July 29, 2018

                  
                   ලුණුගල බේසම්වල




                            කාලෙත් එක්කම පරිසරය හරිම උණුසුම් වෙලා.ඒ උණුසුම වැඩියෙන් ම දැනෙන්නේ අපේ ඇඟට.වෙලාවකටනම් දරාගන්නත් බැරිතරමටම අමාරුයි-වතුරවල වටිනාකම කොයිකාටත් හොදටම දැනෙන්න පටන් අරගෙන.මෙන්න මේ වගේ වෙලාවකට ජල තටාකෙකට වෙලා ඉන්න තියෙනවනම්,සීතල දිය පහස විඳගන්න තියෙනවනම්,අපූරුයි නේද?ඉතින් මේ විදියට විනෝද වෙන්න පු`ඵවන් අපූරු ස්ථානයක් අපට හමුඋනා.දිය ඇල්ලක් ම නෙමෙයි .හැබැයි නාන්නම හදපු අපූරු තැන.ආරක්‍ෂිතව විනෝද වෙන්න කොයිකාටත් කියාපු පොට් එක.මේ “ලුනුගල බේසම්වල”.
විස්තර කියන්න කලින් පුංචිම ඉල්ලීමක් කරන්නම්,සොබාදහමේ සුන්දරත්වය විඳින්න.ඒක අපි හැමෝටම තියෙන එක සමාන අයිතියක්හැ.බැයි සොබාදහමේ වටිනාකම් විනාශ කරන්න එපා.රැගෙන එන කිසි දෙයක් මේ සොඳුරු පරිසර පද්ධතියේ ඉතිරි කරලා යන්න එපා .ලස්සන මතකයන් අත්දැකීම් විතරක් ඉතිරි කරගෙන ආපහු එන්න.මම මේ විදියට මතක් කළේ අද වෙනකොට බේසම්වල අවට අපිරිසිදු වෙලා-අරගෙන ගියපු බියර් ටින් එහෙ මෙහෙ දාල අපවිත්‍ර වෙලා.මේ දේවල් කරන්න එපා.මේ විදියට සුන්දරත්වය පිරුණු තැන් තමන්ට විතරක් කියලා හිතන්න එපා.අදට විතරක් නෙමෙයි මතු අනාගතයටත් ඉතිරි කරමු.
ගමන් මාර්ගය ටිකක් දුරයි.ඒත් ඉතින් මව්බිමේ සුන්දරත්වය හොයන අයට දුර ප්‍රශ්නයක් නෙමෙයිනෙ-කොහොම උනත් දුර ගෙවාගෙන යන්න වටින තැනක්-හැමදාමත් වගේ ගමන උදෙන් ම පටන් ගන්න.එහෙම උනොත් අතරමග  සුන්දරත්වය නොමිලේ ම දැකගන්න පු`ඵවන්.
මේ අපූරු තැන පිහිටලා තියෙන්නේ සීතල පළාතක-ඒ කියන්නේ බදුල්ල දිස්ත්‍රීක්කයේ මේ තැනට ලඟාවෙන්න වාහනයකින් යන්න පු`ඵවන්පොඩි දුරක් තමයි වාහනයකින් ගමන් කරන්න වෙන්නෙ.පස්සර මාර්ගයේ ලුනුගල නගරයට කිලෝමීටර 2ක් විතර මෙහායින් තියෙන කොන්ක්‍රීට් පාරේ ටික දුරක්  ගියාම මේ අපූරු ස්වභාවික පිහිටීම දැකගන්න ලැබෙනවා.ගමන් මාර්ගය කෙහොම ගෙවාගෙන ආවත් විනෝද වෙන්නනම් කියාපු තැන.මෙතනට ආවාම නොමිලේ ම ලැබෙන සීතල වතුර විතරක් නෙමෙයි තවත් අපූරු දෙයක් නොමිලේ ම ලබාගන්න පු`ඵවන්ඒ. තමයි මතස්‍ය සම්භාහනය.කවුරු උනත් අකමැති වෙන එකක් නෑ මේ අපූරු අතිදැකීමට.
කාට උනත් මේ තැනට ලඟා උනහම හිතෙයි  මේ නම් නාන්නම හදපු තැනක් කියලා.අපේ භාෂාවෙන් කියනවනම් නියම පොට් එක.හරියටම බේසමක් වගේ -අපූරුවට වතුර පිරිලා .බේසම්වල කියන නම ලැබිලා තියෙන්නෙත් මේ නිසාම වෙන්න ඇති .වැඩි ගැඹුරක් නැති නිසා  ආරක්‍ෂිතව විනෝද වෙන්න පු`ඵවන්කො.හොම උනත් පරිසරයට ආදරය නොකරන සමහර මිනිසුන්ගෙ න්‍ැඩ නිසා වල ඇතුලේ බෝතල් කටු දෙක තුනකුත් තිබිලා අපට හමුඋනා.ඒකනම් ඉතින් කණගාටුවට හේතුවක් .
දිය වලවල් එකක් විතරක් නෙමෙයි තවත් දිය වලවල් මේ දියපාරේ තියෙනවා හැබැයි දිය වලවල්වල ගැඹුර එකිනෙකට වෙනස්-කොහොම උනත් හැමෝටම එක වගේ ම විනෝද වෙන්න පු`ඵවන් .ඇල්ල වටේට තියෙන ගස් වැල් නිසා වතුරනම් පුදුම සීතලයි.දවසක් දෙකක් මේ පරිසරයේ සුන්දරත්වය නිදහසේ විදින්න තියෙනවනම් කියලා 

සොබාදහම මොන තරම් විශ්මිත ද?මිනිසාට අවශ්‍ය හැමදේම හරිම ලස්සනට නිර්මාණය කරලා.ගඟක දොළක නානවා වගේ බයවෙන්න කිසිම හේතුවක් නෑ.මොකද ඉතින් වතුර පාරට අසුවෙලා ගහගෙන යාවි කියලයැ .බේසමක් ඇතුළට වෙලානේ මෙතනට එ නඅය නාන්නේ  .ඇති වෙනකල් විනෝද වෙන්න ඒකට කාගෙන්වත්ම බාධාවක් නෑ.විසල් අහස ගහකොළ විතරමයි තනියට ඉන්නේ.ඉර එළිය වැටිලා උනත් වතුරෙ තියෙන සීතල ගතියෙනම්  අඩුවක් නෑ-අපි කට්ටිය නම් හොදට විනෝද උනා-මාස ගානකට ඇති වෙන්න නාගත්තා පොඩි පාටියකුත් දැම්මා හැබැයි අරගන ගිය කිසිම දෙයක් ඉතිරි කරලා ආවෙ නම් නෑ.ඒ වගේ ම සුන්දර පරිසරය අපවිත්‍ර කළෙත් නෑ.මොකද අපි පරිසරයට අසීමිතව ආදරෙයි.
දවස අවසානයේ හිතට දැනුනේ පුදුමාකාර සතුටක්අපි කට්ටිය දිය වලෙන් ගොඩට එනවත් එක්කම මු`ඵ පරිසරයම නිහඬ උනා.බේසම්වලත් ඒ විදියටම ජල කඳත් එක්ක නිහඬ උනා.දැන් ඉතින් තවත් පිරිසක් සතුටු කරන්න බේසම්වල ජල කඳත් එක්කම මඟ බලාගෙන ඉදීවි.

No comments:

Post a Comment

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...