Monday, July 16, 2018


                        පරමාකන්ද විහාරය



                                         ශ්‍රී ලංකාව කියන්නෙම බෞද්ධ රටක්. නිර්මල බුදු දහමේ සුවඳ පැතිරුණු රටක් . මේ නිසාම බෞද්ධ වෙහෙර විහාර පුදබිම් සෑම බිම් අඟලකම වගේ පිහිටලා තියෙනවා. හැබැයි මේ පුදබිම් පාද ස්පර්ශය කරන්න අපට අවස්ථාව උදා වෙන්නේ කලාතුරකින් වෙන්න පුළුවන් . මොකද මේ පුදබිම් පිළිබඳව තිබෙන දැනුවත් භාවය අඩු නිසාවෙන්. කොහොම උනත් දැකගන්න වටින රමණීය පුදබිමක් පාද ස්පර්ශය කරන්න අවස්ථාව අපට ලැබුණා. ඒ පරමාකන්ද රජමහා විහාරය.මේ පූජණීය විහාරස්ථානය පිහිටලා තියෙන්නේ වයඹ පළාතේ  පුත්තලම දිස්ත්‍රීක්කයෙ. ආනමඩුව කියන ප්‍රදේශයේ. මේ ඓතිහාසික වශයෙන් බොහෝ වටිනාකමක් තිබෙන පුදබිමක්. කොළඹ සිට පැමිණෙන කෙනෙකුටනම් පරමාකන්ද රජමහා විහාරයට ලඟා වෙන්න තිබෙන පහසුම ක්‍රමය වන්නේ හලාවත පසුකොට බංගදෙණියෙන් දකුණට හැරී පල්ලම හරහා ආණමඩුවට පැමිණීමයි .කුරුණෑගල පුත්තලම A 10 මාර්ගය ඔස්සේ ළඟාවෙන්න පුළුවන්. ඒ වගේමයි විහාරයට  ඕනෑම වාහනයකින්  ගමන් කරන්න පුළුවන්  විදියට මාර්ගය හැදිලා තියෙනවා. ඒ නිසා විහාරයට යන එක එතරම්ම අපහසු වෙන්නේ නෑ.මේ ඓතිහාසික පුදබිම පුරාවට ඓතිහාසික නටඹුන් දැකගන්න පුළුවන් . ඒ වගේමයි  පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නිර්මාණයකන්ද විහාරස්ථානට පුරාවට විසිරිලා තිබෙනවා .
                                                                                    විශේෂයෙන් ම මේ ගමන ගැන සඳහන් කරන්න කලින් මතක් කරන්න වටින සුවිශේෂී කරුණු කිහිපයක් තියෙනවා. ලංකාව කියන්නේ පුංචි දූපතක්. මේ දූපතේ සුන්දරත්වය සුරැකීමේ වගකීම තියෙන්නේ ජීවත්වෙන අපටමය. මේ නිසා සොබා සෞන්දර්යය ආරක්ෂා කරන්න. පොළිතින් ප්ලාස්ටික් රැගෙන ගිහින් තැන තැන ඒ දේවල් දාලා සුන්දර පරිසරය විනාශ කරන්න එපා. ඒ වගේමයි පුදබිමක හැසිරෙන ආකාරය අවධානයෙන් මතක තියාගන්න. ආරක්‍ෂිතව මේ පුදබිම වන්දනාමාන කරන්න.
පරමාකන්ද විහාර භූමිය අවට පරිසරය වගේම පොකුණ සුවිසල් ගල් තලාව පෞඩ ඉතිහාසයක වටිනාකම් බැලූ බැල්මට ප්‍රකට කරනවා. මේ විහාර භූමියෙහි තිබෙන විශේෂත්වය වෙන්නේ විශාල ගල් පර්වත පන්තියක මේ විහාරය විහිදී තිබීමය.ි ඒ අතර පර්වත පන්තිය තුළ යන එන අයට  තරණය කරන්නට පුළුවන්කමක්  තිබෙන වගේම නොතිබෙන පර්වතත් පිහිටලා තිබෙනවා.විහාර භූමියට ඇතුළු  වනවත් එක්කම දැනෙන්නේ සිත් පහන්වෙන හැඟීමක්. හරියට අතීතයට ගියා වගේ බලන පලන වටපිටාව පුරාවටම පුරාවිද්‍යාත්මක  වටිනාකම් ඇති නටඹුන්. ඒ අතර ඉපැරණි බෝධීන් වහන්සේ නමක් චෛත්‍ය සහ විහාර මනදිර දෙකක් දැකගන්න ලැබෙනවා. මේ නිර්මාණ සෑම එකකම පාහේ පෙන්නුම් කරන්නේ මහනුවර යුගයේ ලක්ෂණ බිතුසිතුවම් පිළිම ගෘහ නිර්මාණ ආකෘතීන් වලිනුත් මේ විදියේ මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරනවා. ඉතිහාසයට ආදරේ කරන කෙනෙක්ට එහෙම නැත්නම් ඉතිහාසය උවමනාවෙන්   විමසා බලන කෙනෙක්ට මේ පුදබිම සැබැවින්ම සොයා යා යුතු ස්ථානයක්.

                                                 ස්වභාවිකව පිහිටලා  තිබෙන ගල් කණු ආධාර කරගනිමින් නිමවලා තිබෙන ඉපැරණි බුදු ගෙයක් මේ විහාර  භූමිය තුළදි අපට දැකගන්න ලැබුණා. ඒ  පටු ගල් පඩි ගණනාවක් තරණය කිරීමෙන් අනතුරුව. කොහොම උනත් මේ නම් ටිකක් වෙහෙසකර ගමනක්  හැබැයි දැකගන්න පුළුවන් අවකාශය අතිශය සුන්දරයි. පර්වත පන්තියක් විදියට පිහිටගා තිබුනට අවට පරිසරයෙන් වෙන්ව වගේ පිහිටලා තිබෙන නිසා මේ පර්වත පන්තිය මුදුනෙදි හාත්පස සුන්දරත්වය අපූරුයට දැකගන්න පුළුවන් . ඉර බැසගෙන යන හෝරාවක නිසා අඩ අඳුරත් එක්ක මුසුවුන හිරු එළිය පරිසරයට එක් කළේ පුදුම තරම් චමත්කාරයක් . අපේ ඇස් කොයි තරම් පිංවන්තද කියලා හිතුනේ මේ දසුනත් එක්ක.මේ රජමහා විහාරයේ තිබෙන ඓතිහාසික වටිනාකමට එහා ගිය අපූරු කතාවක් අපට දැනගන්න ලැබුණා. ඒ දුටුගැමුණු රජතුමාට අයිති නන්දිමිත්‍ර කියන යෝධයා ජීවත්වුනේ මේ සමීපයේ පිහිටපා තිබෙන පල්ලම කියන ප්‍රදේශයේ කියන පුවත.කොහොම උනත් මේ අපූරු පුදබිම පුරාවිත්මක වටිනාකම්වලින් නොඅඩුව පිරුණු ස්ථානයක්. ඒ වගේමයි පුංචි ලක්දිවේ සොඳුරු බව තවත් ඔප් නංවන ඉසව්වක්. මේ නිසාම වගකිවයුතු බළධාරීන්ගේ නිසි අවදානය පරමාකන්ද රජමහා විහාරයට යොමු විය යුතුයි. ඒත් සමහර මිනිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා අද වෙනකොට පුදබිම තරමක් පවිත්‍ර වෙලා. නිධන් හොරු නිසා පිළිම වහන්සේලාට පවා හානි සිදු වෙලා. මේ සියල්ල තුළින් අප නිරන්තර සිහි තබා ගත යුතු වෙන්නේ ඓතිහාසික වටිනාකමත් පාරිසරික සුන්දරත්වයත් මතු මතුවටත් ආරක්ෂා කළ යුතුය.
                                                                                                                             NG..

No comments:

Post a Comment

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...