Friday, June 22, 2018

පුංචි පැටවුන්ගේ රාත්‍රී අවදිවීමත් සමඟ පවුල් ජීවිතය සතුටින් ගත කරමු





                   අලියන්ට ළමයින්ට නළියන්නමයි හිත.මෙන්න මේ කතාවේ ඇත්ත නැත්ත පුංචි පුංචි පැටියෙක් ඉන්න අම්මා කෙනෙක්නම් හොඳටම දන්නවා.ඒ වගේමයි අම්මා විතරක් නෙමෙයි තාත්තත් ඒ අතිදැකීම හොඳට විඳිනවා.හැමතිස්සෙම පුංචි පැටියා වෙනුවෙන් කැපවෙලා ඉන්න වෙනවා.ඒ වෙනුනේ රැයක් දවාලක් කියලා  වෙනසක් නෑ.මේ දේවල් ගැන කතාකරද්දි වැදගත් වෙන දෙයක් තමයි පුංචි බබාලගේ නින්ද පුංචි පැටියෙක් එයාලගෙ දවසින් වැඩි හරියක් කරන්නේ නිදාගැනීම. එහෙම උනත් ආයෙමත් ඇහැරිනවා.ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට මු`ඵ රෑම ඇහැරලා පාන්දර යාමේ ටිකක් නිදාගන්නවා.ඉතින් මෙන්න මේ වගේ කරුණු නිසා අද අපි හිතුවා පුංචි බබාලගේ නින්ද ගැන ටිකක් කතා කරන්න.
අද වෙනකොට හැමෝම වගේ කාර්යබහුලයි.ඒ කියන්නේ අම්මා උනත් තාත්තා උනත් වෙනසක් නෑ- බොහෝ පිරිසක් රැකියාවල නිරත වෙනවා.මේ නිසාම තමන්ගේ පුංචි පැටියව භාර වෙන්නේ ආච්චිට සීයට එහෙමත් නැත්නම් ආයඅම්මා කෙනෙකුට.
කොහොම උනත් පුංචි පැටියෙක්ගෙ නින්ද අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය දෙයක්.මේ නිසා මෙයාලගේ මොළය වර්ධනයට පුඵල් කාර්යයක් සුවදායක නින්දකින් සිදුවෙනවා.ඒත් මේ කාලෙදි ගොඩක් බබාලා රාත්‍රී නින්දෙන් පස්සෙත් නිතර නිතර අවදි වෙනවා.මේ සිදුවීම සාමාන්‍ය තත්වයක් වෙන්න පුඵවන් හේතු දෙකක් මත.ඒ,

  • පුංචි පැටියට බඩඟිනි ඇතිවීම
  • පුංචි පැටියට මුත්‍රා වීම නිසා ඇති වන තෙතමනය
ඉහත හේතූන් දෙක සාමාන්‍ය තත්ත්වයන් නමුත් ඊට අමතරව යම් යම් හේතූන් මත රාත්‍රී යාමයේ පුංචි පැටියා නින්දෙන් අවදි වෙන්න පුඵවන් ඒ අතර,
පුංචි පැටියට අධික උණුසුමක් හෝ සීතලක් දැනීම                                                                                                                                                                              මෙන්න මේ වගේ එදිනෙදා ජීවිතයේ දෙමව්පියෝ නොහිතන දේවල් ගැන පුංචි පැටියෙකු සිටින නිවසකනම් වඩාත් සැලකිළිමත් වීම අනිවාර්යයි.විශේෂයෙන්ම ළදරුවනගේ රෙදි වියලා ගැනීමෙන් පසු එම ඇඳුම් ඇන්දවීමට පෙර ඒ පිළිබඳ ව විමසිලිමත් විය යුතුයි. එසේ නොවුනහොත් නොදැනුවත්ව හෝ කෘමි සතුන් ඒ මත රැදී සිටිය හැකියි-ඒ වගේමයි පවත්නා පහසුකම් මත  සුවදායක නින්දකට සුදුසු පරිසරයක් ළදරුවා වෙත ලබා දීමද වැදගත්.
මේ කුමන හේතූන් මත වුවද රාත්‍රී නින්දෙන් පස්සේ නැවත නැවත පුංචි පැටියගේ අවදි වීම දවස පුරාම වෙහෙස වෙලා ඉන්න දෙමාපියන්ට හරිම වෙහෙසකරයි.නිවසක සිටින අම්මා කෙනෙකුට උනත් මේ දැනෙන වෙහෙසේ වෙනසක් නෑ.මොකද දවස පුරාම පුංචි පැටියගේ දඟකාරකම් එක්ක හැප්පෙන නිසා.කොහොම උනත් දෙන්නෙක් විදියට හිටපු පවුල් ජීවිතේ තුන්දෙනෙක් උනාට පස්සේ අවශ්‍යම දේ වෙන්නේ අනිත් අයගේ සහයෝගය සහ මනා තේරුම් ගැනීම.මේ අතරින් විශේෂිතම කරුණ වෙන්නේ සැමියා සහ බිරිඳ අතර පවතින සහයෝගය සමඟිය වගේම එකිනෙකා සිය`ඵ වැඩ බෙදාගෙන සිදු කිරීම.එසේ වුවහොත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට මෙන්ම නිදහස්  යුක්තව ජීවත් වීමේ අවකාශය උදා වෙනවා.
අපේ සංස්කෘතිය ඇතුළෙදි ගෘහ මූලික තත්ත්වය පියාට උරුම උනාට බොහොමයක් කටයුතු සිදු වන්නේ මවගේ අතින් දවස පුරා වෙහෙසෙන ඇය රෑ නින්දෙදිද නිදිවරාගෙන පුංචි පැටියව රැක බලා ගන්නවා- බොහෝවිට තම සැමියාගේ සියඵ කටයුතු පවා සිදු වන්නේ බිරිඳගේ අතින මෙකී තත්ත්වය වෙනස්වීම අනිවාර්යයි.  වැඩ බෙදාගැනීම තුළින් කාල කළමනාකරණය අත්‍යවශ්‍යයයි.එසේ වුවහොත් පුංචි පැටියගේ කටයුතු අතරෙ සුවදායක පවුල් ජීවිතයක් ගත කිරීමේ හැකියාව උදාකරගත හැකියි.
සාර්ථක පවුල් ජීිවිතයක් උදෙසා පවුල තුළ වැඩ බෙදා ගැනීම අත්‍යවශ්‍යයයි රැකියාවක නිරතනව සිටින බිරිඳකනම් ඇයද සැමියා සමඟ පවුලේ ආර්ථිකය ගොඩනැංවීමට පුඵල් කාර්යයක් සිදු කරයි මේ නිසාම සැමියා විසින් බිරිඳගේ මානසික තත්ත්වය  නිරන්තරයෙන් සුරැකිය යුතුයි දවසේ රාජකිරී හමාර කොට නිවෙසට පැමිණෙන සැමියා වෙත තේ කෝප්පය සදා දෙන්නේ බිරිඳය.එහෙත් ළඳරුවකු සිටින නිවෙසක බිරිඳටද මෙවැනි අවස්ථා හමිිකර දීම සැමියකුගේ වගකීමකි ඒ තුළින් ඔවුන් අතර ආදරය සතුට අනිවාරයයෙන් සුරැකේ.
පුංචි පැටියෙකුගේ ශාරීරීක බොහෝ ක්‍රියාකාරකම් සිදු වන්නේ ඔහුටත් නොදැනීමය.මේ නිසාම ඔවුන්ගේ නින්ද පාළනය කර ගැනීමේ හැකියාවක් ඔවුනට නොමැත.අවශ්‍ය වන්නේ මවගේ සහ පියාගේ කාළ කලමනාකරණයයි. නිවසන සිටිින මවකනම් දරුවා බොහෝ වෙලාවක් රාත්‍රී අවදි වී සිටින බව දන්නා නිසා දහවල් කාලයේ පුංචි පැටියත් එක්ක  විවේකී නින්දක් ලබා ගැනීමට යම් වේලාවක් වෙන් කරගන්න පුඵවන්. මේ දේ අම්මගේ මානසික නිදහසට ගොඩාක් වටිනවා. ඒ වගේමයි ආහාර සැකසීම පුංචි පැටියාගේ පුංචි පුංචි කටයුතු පවා දෙදෙනාම අතින් සිදු විය යුතුයි. ඇතැම් පුංචි දරුවන් රාත්‍රියේ දී කලින් නින්දට ගොස් නැවත මධ්‍යම රාත්‍රියේ  අවදිවීමට පුරුදු වෙලා ඉන්නවා.මේ වගේ පුංචි දරුවකු  සිටීනම් මවටද දරුවා සමඟ යම් වේලාවක් කලින් නිදාගත හැකියි.ඒ අතර වාරයේ නිවසේ නටයුතු අතර වාරයේ නිවසේ නටයුතු උදෙසා සැමියාගේ සහයෝගය ගොඩක් වැදගත් වෙනවා. මේ වගේ පුංචි කරුණු සියල්ලම සාර්ථක පවුල් ජීවිතයක සතුට රදා පවතින කරුණු.ඒ දරුපැටියගේ දඟකාරකම් අතරේ ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන්නට ඉඩ අවකාශය ලැබේවි.

 සටහන -NG☺️....
උපදෙස් -
(පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි A.k ස්වර්ණලතා)

No comments:

Post a Comment

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...