Saturday, June 16, 2018

නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ සිංහලබස ඇතුළු කලේ ඇයි ?

       හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් නිසා ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු Area 51 පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.

අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව වර්ග හය දහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත් වන බව මේ වනවිට සොයාගෙන හමාරය. රාවණ පරපුර නැතහොත් සූර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ ඇල්නිලම් යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී. ඇල්නිලම් තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි. පහත රූපය බලන්න.

ඔරායන් යනු හෙළ වදනකි. එනම්, ඔ=ඔහු, රා=රාවණ, යන්=යන්, ඒ අනුව ඔරායන් යනු “ඔහු රාවණයන්” යන්නයි. අද යුරෝපීයයන් එය දඩයක්කාරයා ලෙස හඳුණාගෙන සිටියත් ඔරායන් තාරකා රාශියේ සිටින්නේ ශ්‍රී රාවණයන් ය. බලන්න ඒ දඩයක්කාරයා තාරකා රාශියේ ඇති සිංහයා සහිත පළිහ, ඉන් පෙනෙන්නේ හෙළ ජාතිය පිටසක්වලයන් විසින් ආරක්ෂා (පළිහෙන් නිරූපනය කෙරෙන්නෙ ආරක්ෂාව) කරන බවයි. එනයින් අපගේ හෙළයින්ගේ අභිමානය පිටසක්වලයන් විසින් මුළු විශ්වයටම ශපථ කරයි.

අදින් වසර දසදහස් ගණනකට පෙරදී මෙම බඳ පටියේ පිහිටි තරු නැතහොත් ග්‍රහලෝක තුන ත්‍රිකෝණයක අයුරින් පිහිටා තිබුණි. අද වනවිට ඇල්නිලම් ග්‍රහලොව දෙපසින් පිහිටි ග්‍රහලෝක දෙකේ චුම්භක බලය මත එක පෙළකට පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

මෙම ත්‍රිත්ව ග්‍රහලෝක තුළ එකම ජීවී විශේෂයක ජනපද පිහිටි අතර එක්වරම ප්‍රබල පිටසක්වළ ආක්‍රමණයකට ඔවුනට මුහුණ දීමට සිදුවිය. දිගින් දිගට පැවති මෙම ආක්‍රමණකාරී තත්ත්වයන් මත එම ග්‍රහලෝකවල පරිසර පද්ධතිය බොහෝසෙයින් බිඳවැටුණි. ඇල්නිලම් ග්‍රහලොවේ පරිසර පද්ධතිය පෘථිවි පරිසරයට වඩා වසර හැටකින් පමණ ඉදිරියෙන් පවතී. එසේම එය මියදෙමින් පවතින ග්‍රහලෝකයක් බවට පත්ව ඇත

ඇල්නිලම් ග්‍රහලෝක වැසියෝ(බුදු බණට අනුව ආහස්වර දෙව්ලොව) තම බිඳ වැටෙන ග්‍රහලොව රැකගැනීම උදෙසා නව ක්‍රමවේද සෙවූහ. හෙළ රාවණ පරපුර බිහිවන්නේ එලෙසය.හෙළ රාවණ යනු ආභස්සර භ්‍රහ්මයක් බව රන්දිවට අනුව ඔප්පු වෙයි. පෘථිවිය යනු ජීවී ග්‍රහලොවක් වුවත් දියුණු ජීවී පරපුරක් සිටියේ නැත. ඩයිනෝසර් වැනි මාංශ භක්‍ෂක අති විශාල ජීවීන් විනාශ කර දැමීමට ඇල්නිලම් නම් පිටසක්වල ජීවීහු කටයුතු කලේ දැවැන්ත න්‍යෂ්ඨික පිපිරීමක් සිදු කිරීමෙනි. මෙම පිපිරීමෙන් ජීවී විශේෂ බහුතරයක් විනාශ වී ගිය අතර ඉන් වත්මන් ඇමර්සන් ප්‍රදේශය අශ්‍රිතව වෙසෙන සත්ත්ව විශේෂ බොහොමයක් සුරක්‍ෂිත විය.

මෙම ඉතිරි වූ ජීවීන්ගෙන් තෝරාගත් සත්ත්ව විශේෂයක ජාන මඟින් නව මිනිස් විශේෂයක් බිහිවිය. ඒ අද අප කතා කරන පෘථිවිවාසීහුය. ඇල්නිලම් පිටසක්වල ජීවිහූ තම පෘථිවි ශිෂ්ඨාචාර ගොඩනැගීමේ ක්‍රියාන්විතයේ මූලස්ථානය ලෙසින් පවත්වාගෙන ගියේ හෙළ දීපයයි. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ එකළ භූමි පිහිටීම අනුව පෘථිවියේ මධ්‍යය ලක්‍ෂය හෙළ දේශය තුළ පිහිටීමයි.

අනෙක් කරුණ වූයේ හෙළ ද්වීපය තුළ ඉහළට හා පහළට ශක්තිය ගමන් කරනා විශ්ව බල කේන්ද්‍ර දෙකක් පැවතීමයි. මේ හරහා විශ්වයේ සිට පැමිණෙන යානා වලට ලේසියෙන් පැමිණීමට හැකි වීමත්, පිටව යනවිට ලෙහෙසියෙන් පිටව යාමට හැකියාව පැවති බවටත් විශ්වාස කෙරේ.හෙළ රාවණ පරපුර යනු එලෙස බලන කල ඇල්නිලම් ග්‍රහලොවේ සිට පැමිණි ජීවීන්ගේ ව්‍යාප්තියකි.හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය හරහා ලොව පුරා ශිෂ්ඨාචාර ගොඩනැඟුණු බව පෙර රාවණ ලිපි වලින් අප කතා කලෙමු. පෘථිවිය ජනාවාස වීම හා මිනිස් පරිණාමවාදය පිළිබඳ මෙතෙක් පැවති මතවාදයන් බිඳ වැටී වෙනස්ම කතාන්තරයක් කරළියට පිවිස ඇත.

මේ කතාවට පදනම සැකසෙනුයේ ලොව බලවත් රටවල් පහ එක්ව හොර රහසේ පවත්වාගෙන යන පිටසක්වල ජීවින්ගේ සබඳතා පිළිබඳ තොරතුරු සාමාන්‍යය මිනිසුන් වෙත ගලා ඒමත් සමඟය.පිටසලක්වල ජීවින් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වුනු මුල් කාල වකවානු වල විශ්වයට පණිවුඩ යවමින් ඔවුන් හා සබඳතා ගොඩනැඟීම්ට උත්සහ ගත් ඇමරිකාවේ ඒරියා 51 පරීක්‍ෂක කණ්ඩායම් අවදානමක්ද අතට ගෙන කටයුතු කළහ. ඒ විනාශකාරී පිටසක්වල ජීවී කාණ්ඩයක් පැමිණියහොත් යන ගැටලුවය. ඒ සඳහා පරමාණු අවි භාවිතා කල හැකි වේ යැයි සිතා පෘථිවි කක්‍ෂයට ඔවුන් පිවිසෙන අවස්ථාවේදීම පුපුරුවා හැරීම ඒරියා 51 කණ්ඩායම් වල ඉලක්කය විය. එහෙත් එය මහා විහිළුවක් බව ඔවුනටම පසක් වූයේ ආලෝක වර්‍ෂ ගණනක් පැමිණීමට තරම් දියුණු තාක්‍ෂණයක් සහිත ජීවී විශේෂයකට පරමාණු ශක්තිය යනු රතිඤ්ඤාවක් තරම්වත් වැදගත් නොවන දෙයක් බව පසක් වීමත් සමඟය.

                                  (අයිතිය  රොන්සූරා සතුයි )📝.

No comments:

Post a Comment

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...