Thursday, June 21, 2018

                           
          හතර වටේ චාරිකා👣👣 
          පුංචි  සීගිරිය


                          ලංකාවේ සොඳුරු තැන් සොයාගෙන යන ගමනේ අපි අද ටිකක් වෙනස් විදයේ තැනක් සොයා ගියා මේ පුංචි සීගිරිය සමහර අයනම් මේ නම කන වැකුන සැනින් දන්නවා ඇති ඒත් සමහර අයට මේ නම ටිකක් විතර නුහුරු නුපුරුදු ඇති කොහොම උනත් අපි අද යන්නේ බතලේගල එහෙම නැත්නම් පුංචි සීගිරිය කදු තරණයට.ස්වභාව සෞන්දර්යයේ සුන්දරත්වය විඳගන්න සදුසුම ඉසව්වකට
    සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ මාවනැල්ල නගරයේ අරණායක මේ සොඳුරු පරිසර පද්ධතිය පිහිටලා තිබෙනවා.විනෝදයට ඇවිදින්න යන අයට විතරක් නෙමෙයි කඳු නගින්න කැමති අයටත් මේ ගමන අනිවාර්යයෙන්ම හොඳ අත්දැකීමක් වෙයි.මුහුදු මට්ටමේ ඉදන් අඩි 2780 ක්  විතර උසකින් පුංචි සීගිරිය ගල පිහිටලා තියෙන නිසා අවට සුන්දරත්වය දැකගන්න සුදුසුම තැනක් තමයි මේ පුංචි සීගිරියට යන මාර්ගය ගොඩක්  දුෂ්කරයි -මොකද වනාන්තරය මැදින් අඩිපාරක ම ගිහින් කදු මුදුනට යන්න වෙන්නෙ මේ අඩිපාර දෙපස වැඩි වශයෙන් පිහිටලා තියෙන්නේ කෙසෙල් කරාබුනැටි,ගම්මිරිස: වගේ බෝග වර්ග.මේ විදියේ අපට හුරුපුරුදු පිහිටලා බෝග වර්ග තිබුණට ජනාවාස වෙලා තිබෙණ ප්‍රදේශයනම් බොහොම අඩුයි.පුංචි පුංචි ගල් පඩි අතරින් පුංචි සීගිරිය ගල ගාවටම යන්න තියෙන්නේ කලින් කිව්වා වගේම බොහෝම දුශ්කර මාර්ගයක.කොහොම උනත් ගමනේ අවසානයක් දකින්නනම් කිලෝමීටර් දෙකහමාරක් වගේ දුරක් පයින් ගමන් කරන්නම වෙනවා.

ගමන ආරම්භයට කලින් අපි හොයලා දැනගත්ත කරුණුත් එක්ක බලපුවම බතලේගල කදුමුදුනේ පුංචි පන්සලකුත් පිහිටලා තිබුණා කියලා අපට දැනගන්න  ලැබුණා.නමුත් ගමන් මාර්ග උපහසුව ,පහසුකම් මදකම නිසාම අද වෙනකොට මේ පන්සල පාළුවට ගිහින් කියලත් දැනගන්න ලැබුණා.අඩිපාර දෙපස තිබෙණ වනාන්තරය හරිම සිත්කළුයි.ස්වභාවික සිසිලස ගමන පුරාවට දැනෙනවා.ගල් පඩිවලින් නැගිලා කන්දෙ මැදකට වගේ ආවම හාත්පසම හරිම ලස්සනයි.වටිනා කියන ශාක ඇස් මානයේ වටේටම දැකගන්න පුළුවන්.ඒ මේ අතට ඇඹරුනු පුස්වැල්,අංකෙන්ද ,තෙල් එඬරු මේ අතර වෙනවා-මේ ගස්වැල්වල සුවඳ අතරින් තමයි කඳු මුදුනට ලඟා වෙන්න සිදු වෙන්නේ.කන්ද මුදුනට ළංවෙන්න ළංවෙන්න සීතල සුළඟ වගේම උස් අවකාශයකුත් නිමක් නැතිව දැකගන්න ලැබෙනවා.

ඒ වගේම තමයි දුශ්කර ගමන,ගල් පඩි අතරින් ඉහලට නගිනවා වගේම මේ ගමනේ එක් කොටසක් තියෙනවා කේබල් එකක් ආධාරයෙන් ගල ඉහලට යන්න වෙන.කවුරු කවුරුත් මේ කියන කොටස පසු කරන්න ඕන බොහොම ප්‍රවේසමට මොකද ඉතින් අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා.හැබැයි බොහොම සුන්දර ත්‍රාසජනක අත්දැකීමත් වෙයි කොයි කාටත්.ගමනෙදි දැනෙන මහන්සිය මගහැරගන්න තිබෙන හොඳම ක්‍රමවේදය ගල් පොත්ත උඩ වාඩි වෙලා ගිමන නිමා කරගන්න එක.කොහොම උනත් අව් රශ්මිය මදි නොකියන්න තියෙන දවාලකනම් මේක කරන්න ටිකක් අමාරුයි.“පුංචි සීගිරිය”නම වගේම ඇත්තටම සීගිරියට ගියා වගේ හාත්පසම පරිසරයේ ලස්සන පුළුල් අවකාශයක් පුරා පැතිරිලා තිබෙන විදිය පේනවා.බතලේගලට නොගිය කෙනෙක් නොදන්න තවත් විශේෂම කරුණක් තියෙනවා ඒ තමයි බතලේගල ගල දෙපස පිහිටලා තිබෙන සුළං කපොලු දෙක.ස්වභාව ධර්මයේ හරි අපුරු දායාදක්.ඇස පිනවන දසුනක්.මම කලින් කිව්වා වගේම පාළුවට ගිය පන්සලක ගොඩනැගිලි කදු මුදුනේ දැකගන්න ලැබෙනවා.ඝාණ්ඨාර කුළුණ , පුංචි චෛත්‍යයක් වගේම ආවාස ගෙයකුත් ඒ අතර වෙනවා.කොහොම උනත් භික්‍ෂූන් වහන්සේලාට වඩින්න තියෙන අපහසුව මතම තමයි අද වෙනකොට මේ තරම් සොඳූරු පරිසරයක පිහිටලා තිබුණත් පන්සල පාළුවට ගිහින් තියෙන්නේ.

අක්කර පහක් වගේ වෙන බතලේගල කඳූ මුදුනේ භූමි ප්‍රමාණය වැඩි හරියක්ම වගේ වැදිලා ගිහින් තිබෙන්නේ පැඟිරි මාන ශාකයෙන්.අංකෙන්ද බෙහෙත් ශාක ආදියත් ඒ අතර තියෙනවා.ගල මුදුනේ එක් පැත්තකට වෙන්න අයිනකට ගිහින් වටපිට අවකාශය අවධානයෙන් බැලුවොත් ඌරා කන්ද,සාමස්සර ,අම්බුළුවාව,දහයියා කන්ද වගේ කදු මුදුන් හරිම පැහැදිළිව පේනවා.ඉර එළියත් එක්ක මේ දේවල් හරිම ලස්සනට අපේ නෙත් පිනවනවා.ගමන ටිකක් උදෙන්ම ආරම්භ කරොත් ඉර එළිය සෞම්‍යව වැටෙන නියම වෙලාවට කදු මුදුනට යාගන්න පුළුවන්-ඒ වගේම කදු මුදුනේ අනෙත් පසට කඩුගන්නාව,අලගල්ල කන්ද,සරදියෙල් ගල වගේ කදුවැටි දිස්වෙනවා.මේ කොයි පැත්තට උනත් ඇත්තටම ලස්සනයි.
සමීපයේ තියෙන ගහකින් කොළයක් කඩාගෙන ඒක ආධාරයෙන් ගොට්ටක් හදාගෙන සීතල දිය බිඳක පහස විඳගන්නත් අපට මේ කදු මුදුනෙදි  හැකියාව ලැබෙනවා.මොකද ඉතින් සුළං කපොළු වගේම පුංචි දිය කඩිත්තකුත් ගල් බෙනයක් ඇතුලෙ පිහිටලා තියෙනවා.හරිම නැවුම් ඒ වගේම පිරිසිදු ජලය-මම විඳගත්ත සොඳුරු අත්දැකීම විඳගන්නනම් පුංචි සීගිරියට  ඔයාලටත් එන්නම වෙනවා.
ඉතින් අනිවාර්යයෙන්ම මව්බිම තුරු සමඟ සොබා සිරි අසිරි විඳගන්න ඔයාලට බතලේගල කඳු තරණයට ආරාධනා කරනවා.මොකද ලස්සක අද්දැකීමතක් වේවි.මේ කොහෙමෙ උනත් පරිසරයේ සුන්දරත්වය විඳින ගමන්ම ගමනේ  තියෙන භයානක අනාරක්‍ෂිත තැන් වලදි අිරක්‍ෂා වෙන්න.ඒ වගේම තවත් කෙනෙක්ට මේ අත්දැකීම විඳගන්න සුන්දර බතලේගල ආරක්‍ෂා කරන්න   

                                                                  NG......☺️👣
              
  

No comments:

Post a Comment

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...