Wednesday, June 13, 2018

Online ජීවිත


කාලයත් එක්ක මිනිස්සුන්ගේ ජීවිතත් වෙනස් වෙලා.ඒ හරි ඉක්මනින් තාක්ෂණය එක්ක.අද වෙනකොට හැමෝම පුරුදු වෙලා ඉන්නෙ mobile phone එක්ක බැදුණු ජීවිත ගතකරන්න.ලංකාවේ ජනග්‍රහනය එක්ක බලපුවාම ඒ ජනග්‍රහණයට වඩා වැඩියි තිබෙන mobile phobe ගනන.ඊටත් වඩා මේ දේවල් use කරන වැඩි දෙනා කරන්නේ අවශ්‍ය දේවල් වලට වඩා අනවශ්‍ය දේ.තමන්ගේ වටිනා කාලය නිකරුණේ අපතේ යනවා කියලා කිසිම කෙනෙකුට තේරෙන්නෑ මොකද ඉතින් වියදමක් හානියක් කියලා දෙයක් පේන්න නෑ.හැබැයි data කියන්නේ සල්ලිම තමයි .
                             වෙනස් වෙන ලෝකයට සමානව අපිත් වෙනස් වෙන්න ඕන.ඒත්  එහෙමයි කියලා අපේ වටිනා දේවල් නැතිකරගන්න හොඳ නැහැ .අර කතාවක් තියෙනවා පිටින් එන සුළගට නිවස තුලට එන්න ඉඩ දෙන්න ඒත් ඒ සුළගට ඔබේ වටිනා දේවල් අරගෙන යන්න දෙන්න එපා.අන්න ඒ වගේ තමයි .අපේ සංස්කෘතිය හරි අමුතුයිනේ.අලුතින්  එන ඕන දෙයක් දෝත බදලා බාර ගන්නවා.කිසිම හෙවිල්ලක් බැලිලක් නැහැ .ඒ තමයි අපේ හැටි .face book,you tube, හැමෝගෙම හොදම යාලුවො වෙලා.වරදක් නෑ.අපි කියලා ළිං මැඩි සංස්කෘතියක ජීවිත් වෙන්න ඕන නැ.එතකොට මොකක්ද වරද.වරද තේරුම් ගන්න ඕන අපිමයි.වරදක් නොවෙන්න වැඩ කරන්න ඕනෑ අපිමයි.එහෙම නැතිනම් අපි විනාශ වෙන්නෙ සමාජයම වෙනස් කරගෙන හරියට ඔඩු දුවන පිළිලයක් වගේ.
                         දෙමාපියන් දරුවන් හදුනන් නැති බැදීම්වල වටිනාකමක් නොදන්න මිනිස්සු බිහිවෙයි.එහෙම කියන්න හේතු සාධක ඕනි තරම් තියනවා.පුංචි හේතුවක් මං මතක් කරලා දෙන්නම්.මේ අපේ හොඳම යාලුවා නිසා උන සිදුවීමක්.ඒ face book .  face book නිසා හමුවෙන්නෙ ගොඩක් නොදන්නා අය.ඒත් ඒ සම්බන්ධකම් දුර දිග යන්නේ හරි  ඉක්මනින් .මේ විදිහට මුණගැසුණු දෙන්නෙක් පටන්ගත්ත යාලුකමකුත් දුර දිග  ගියා.ටික කලෙකින් මේ  සම්බන්ධකම පෙරලුණා ආදරයකට.ඊලඟට ඉතින් උනේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැ.මේ දෙන්නා තීරණය කලා මුණගැසෙන්න.ඒත් අන්තිමේ සිදුවුනේ පියාට තමන්ගේ දියණිය මුණගැසෙන්න.දියණියට තමන්ගේ පියා දකින්න.හිතාගන්නවත් පුලුවන්ද මේ උන දේට කොහොමනම් මුහුණ දෙන්නද කියලා.මේ නිසා තාක්ෂණය තමන්ගේ ජීවිතයට ළඟා  කරගන්න.හැබැයි බුද්ධියට ඔබේ ජීවිතයෙන් පලා යන්නට නොදී.

                                                                      NG☺️..📝

No comments:

Post a Comment

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...