Thursday, June 21, 2018

     

            හතර වටේ චාරිකා ....👣

           2.සොඳුරු දිය ලලනාවිය ගල්බොඩ ඇල්ල


                   අපේ ඇස පිනවන්න වගේම හිත නවත්තන්නත් සුදුසුම දේ වෙන්නේ පරිසරය.ගහකොළ සතා සිවුපාවා ඇලදොළ මේ හැමදේම හරි අපූරුවට මිනිස් සිත සනසනවා.මේ අතරින් මිනිස් ඇස පිනවන්න විතරක් නෙමෙයි නෙත් සිත් ඇඳ බැඳලන්න පුඵවන් ස්ථානයක් තමයි දියඇළි කියන්නෙ. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ සුන්දරතම දිය ඇල්ලක් පිළිබඳ විස්තරයක්.සමහරවිට මේ දියඇල්ල ගැන කවුරුත් වැඩිය නොදන්නවා වෙන්න පුඵවන් මොකද මේ දියඇල්ලට වාහනයකින් යන්න පුඵවන් මාර්ගයක් නැති නිසා.කොහොම උනත් මේ මනස්කාන්ත දිය ඇල්ල නිර්මාණය කරන නිර්මාණකරුවා වෙන්නේ මහවැලි නදිය.ගොඩක් ම පළලින් වැඩි දිය ඇල්ලක් නිසා මේ දසුන කොයි කාගෙත් සිත නවත්තගන්නවා අනිවාර්යයි.

                                                  උස අඩි 98 ක් විතර වෙන සුන්දර දිය ලලනාවිය වෙන්නේ ගල්බොඩ ඇල්ල.දිය ඇල්ල පිහිටලා තියෙන්නෙත් මනස්කාන්ත පරිසර පද්ධතියක.ඇල්ල නරඹන්න යනවනම් යන්න හොඳම විදිය අපි ගියා වගේ කෝච්චියෙන් යන එක තමයි මොකද අතරමඟ සුන්දරත්වයත් විඳගන්න ලැබෙන නිසා ඒ අත්දැකීම අමතක නොවෙන එකක් වෙයි--කොළඹ කොටුවෙන් විතරක් නෙමෙයි කොයි තැනින් කෝච්චියට ගොඩ උනත් බහින්න ඕන තැන වෙන්නේ නාවලපිටිය පහු වෙනවත් එක්කම තියෙන ගල්බොඩ දුම්රිය ස්ථානය.උදේ පාන්දරින් ම මේ ගමන සැළසුම් කරන්න එහෙම උනොත් අනිවාර්යයෙන් ම ගමන තවත් සුන්දරයි. මේ ගල්බොඩ කියන්නේ ඈත අතීතයේ ඉදලම පිරිසිදු ජලයට ගොඩක් ප්‍රසිද්ධ ස්ථානයක්ලු.දුම්රිය ස්ථානයෙන් බැහැගත්ත අපට දකින්න ලැබුණ නිල් දිය පොකුණ කියන පොකුණ පිරිලා තියෙන්නෙත් මේ කියපු පිරිසිදු ජලයෙන් ම තමයි.පොකුණ ගැන අපූරු ජනප්‍රවාද කිහිපයකුත් අපට දැනගන්න ලැබුණා-ඒ ආසියාවේ වැඩිම ගණත්වයක් සහිත ජලය තියෙන්නේ මේ නිල් දිය පොකුණෙ කියලා විශ්වාසයක් අතීතයේ තිබුණ බව.ඒ විතරක් නෙමෙයි රජගෙදරට,ඉංග්‍රීසි පාළකයන්ට පවා ගෙනිහින් තියෙන්නේ මේ පොකුණෙ ජලය කියන විශ්වාසය.කොහොම උනත් දිය ඇල්ල නරඹන්නනම් පැයක් වගේ කාලයක තව සෑහෙන දුරක් අපට යන්න තියෙනවා.                                                                                                       

                                          ගමන් මාර්ගය හරියටම දැනගෙන ආවොත් ලේසි නිසා දිය ඇල්ලට මෙතන ඉදන් යන්න ඕන විදිය මම  පැහැදිළිව කියන්නම්,දුම්රියෙන් බැහැගත්ත අපි ආපහු යන්න වෙනවා පයින් නාවලපිටිය පැත්තට හරියටම මීටර් 100ක් විතර වගේ දුරක්.මෙහෙම යනකොට කන්ද උඩට යන පාරක් දකින්න ලැබෙනවා දකුණු පැත්තෙන්-වටපිටාවේ සුන්දරත්වයත් බලාගෙනම ඉස්සරහට යනකොට අපට ඊලඟට හම්බෙන්නේ ඇල්ල නරඹන්න ටිකට් ගන්න ස්ථානය.රුපියල් 20ක් වගේ පුංචි මුදලක් තමයි මේ වැඬේට අපට වැය උනේ.කොහොම උනත් මෙතනින් පස්සේ ඉදිරියට යන ගමනේ වටපිට සුන්දරත්වය නරඹන්න කෙහොමටවත්ම අමතක කරන්න එපා .මේ තරම් සුන්දරත්වයක් අපි හැමෝටම දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින් නිසා.තේ වත්තක් මැදින් පුංචි අඩි පාරකින් තමයි ඇල්ලට ළඟා වෙන්න වෙන්නේ-මේ විදියට කිලෝමීටරයක් වගේ දුරක් ගමන් කරන්න වෙනවා.කොහොම උනත් අපේ කණ්ඩායමටම දිය ඇල්ල නරඹන්න තිබුණ හදිස්සිය නිසා අපි මේ ගමන ගියේ ටිකක් වේගෙන්-ඉතින් මෙහෙම දිගටම යනකොට අපට පේනවා ගල්බොඩ ඇල්ලේ ිඑරු්ප එකෙන් හරිම ලස්සනට වතුර බහිනව මෙහෙම ගලාගෙන යන වතුර පාර මැද්දෙන් ලීි කොට වලින් හදපු පාළම දිගේ ආවම ඔන්න අපි ආසාවෙන් බලාපොරොත්තු උන සුන්දර ගල්බොඩ ලලනාවිය අපිට දකින්න ලැබෙනවා.

                                           පුදුම තරම් ලස්සනයි.උස වගේ ම පළලත් අනිත් දිය ඇළිවලට වඩා ගොඩක් වැඩී.පැයක් දෙකක් නෙවෙයි දවසක් දෙකක් උනත් නතරවෙලා බලාගෙන ඉන්න හිතෙනවා.ගල්බොඩ කියන ප්‍රදේශය, දිය ඇල්ල විතරක් නෙමෙයි ඇල්ලට උඩින් තියෙන කඳුකර ප්‍රදේශය ගැනත් අපූරු කතාවක් දැනගන්න ලැබුණා ඒ කඳුකර ප්‍රදේශයේ උස්වැලකන්ද කියන ස්ථානයේ දේවාලයක් තියෙනවා කියන එක.ඒ උනත් මංමුලා වැල් කියන වැල් වර්ගයක් තියෙන නිසා මෙතනට අද වෙනකල්ම කවුරුත් ගිහිල්ලනම් නෑ.පරිසරයට ගහකොළට ආදරේ කරන අපේ අයට මේ කතාවල ඇත්ත නැත්ත හොයලා බලන්න පුඵවන් හැබැයි ඒ පරිසරයට කිසිම හානියක් නොකර.ඉතින් නිවාඩු දවසක ගිහින් මේ සුන්දර පාරාදීසේ ලස්සන විඳගන්න අනිවාර්යයෙන්ම ගල්බොඩට යන්න.

                                                                                                                                          NG.....☺️.👣
                               
                     

No comments:

Post a Comment

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...