Friday, June 15, 2018

නිර්වාණය



"ජීවිතය පිලිබඳ මා ලියූ
සැබෑ කවිය නුඹ විය
හිස් වචන පෙලක් මෙන් නොවේ
පියවි දෑස ළඟ සත්‍ය යතාර්ථය ද නුඹ විය"

"බලාපොරොත්තු
සිනිදු මල් පෙතිව පරවුනිය
කඳුළු බිදු හදවතේ හැඩය ගති
වසන්තයට පසු ගිම්හාන සේ
ශෝකය නිතර මා සොයා ආවේය
එවිට ,
'ජීවිතය නම් මෙයයි 'කියා දුන්නේ නුඹය
නුඹේ බැල්මෙන් ආත්මය සංසිදිනි
සිතුවිලිද සමනය විය"

"හුදෙකලා යහන මත වැතිරගෙන
මා නිතර නුඹ ගැනීම සිතන විට
මාගේ සිත නිශ්චලව
විශ්වය හා එක්වෙයි
අපරිමිත සැනසුමක් මට දැනෙයි
පැරණි උපනිශද් ග්‍රන්ථවල එන
පාර ලෞකික  විමුක්තිය නම් මෙයද?"

"කොපුල් තල උණුසුමින් සිඹ වැළඳ
තුටින් නෙතු කෙවෙනි තුළ එබීගෙන
මා මෙතෙක් සෙවුවේ එයයි
සබඳ,
නුඹ මගේ නිර්වාණයයි!"
       
                                                           ජානු.. 

No comments:

Post a Comment

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...