ආදරණීය ammi....
මගේ කුසේපුංචි පැටියෙක්.මේ ලස්සන වචන විවාහයට පත් නව යුවලකගේ ඊලඟ බලාපොරොත්තුව.අලුත ගෙනා මනමාලි මුලු ගෙදරම කලඑළි කරන දවස.මෙන්න මේ ආරංචියත් එක්ක හැමෝගෙම ආදරය ලබපු කෙනා පුංචි පැටියෙක්ට ආදරය බෙදන පෙර නිමිති පහළ වෙනවා.ජීවිතේ හරි පරිස්සමින් ගත කරන්න අවශ්‍ය කාලයක් මේ එක්කම උදා වෙනවා.මේ කාලෙදි වටේ ඉන්න අයගේ ආදරය තිබුණටත් වඩා අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ නිසයි.
කාලෙත් එක්ක ජීවිතේ සිදුවන හැම වෙනස්වීමකටම අවශ්‍ය වෙන්නෙ ධෛර්ය.කතාවක් තියෙනවා ගැහැණියක පිරිමියකු තරම් ශක්තිමත් නැහැ.හැබැයි ගැහැණියකගේ හිත පිරිමි හිතකට වඩා ගොඩක් ශක්තිමත් කියලා.ඒ හේතුව නිසාමයි විඳ දරාගැනීම් බොහෝමයක් ඒ හිත ඇතුලේ හරි උපේක්‍ෂාවෙන් අපේ අම්මලා සඟවාගෙන ඉන්නේ .අපි කාගෙත් ජීවිතවල සිදුවන වෙනස්වීම් විවිධාකාරයි.හරියට ගංඟාවක් වගේ-ගල් මුල් වලගොඩැලි අතරමඟ.මේ දේවල් මගහැරගෙන ලතාවකට ගලායන එකයි ජීවිතේ කොයි මොහොතක අපේ ජීවිතවලට බලාපොරොත්තු නොවුන දේවල් ලැබෙයි ද අපි දන්නේ නෑ.
මගේ කතාවත් අන්න ඒ වගේ.මම හිතන විදියට සතුට අතර දුක සැඟවිලා තිබුණ කතාවක්උ.පේක්‍ෂාවෙන් ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දුන්න කතාවක්.
මේ වෙනකොට මගේ පුංචි පැටිය කුසට ඇවිත් මාස හතයි-එයා දැන් හරි චන්ඩියෙක් වෙලා.අම්මගෙ නින්ද හරි හරියට උදුරගෙන.රෑ යාමේ මගේ පුංචි පැටියට නිදාගන්න බෑ කියලා මාව ඇහැරවනවා.කොහොම උනත් මේ දඟකාරකම් අතරෙ මම මගේ මහ ගෙදරට ආවා.ඒ මගේ ආදරණීය සැමියගේ නිවසට පුංචි පැටියෙක් වඩාගෙන නැවත එන බලාපොරොත්තුව ඇතිව.ඒ වගේ ම කුඵඳුළේම ඉපදෙන මගේ පැටියට මහගෙදර චාරිත්‍ර ඉටු කරන්න .මේවිදියට මහගෙදරට ගිය මට අම්මගේ ආදරය රැකවරණය නොඅඩුව ලැබුණා.පුංචි දුවක් වෙලා අම්මගෙ තුරුලේ ඉදලා ලබපු ආදරය ඒ විදියටම මමත් මගේ දු පොඞ්ඩ කුසේ දරාගෙන අද ආයෙමත් ලබනවා.කාලය හරිම සුන්දරයි.උදේට ලැබෙන දිය බත උණු උණුවෙම ලැබෙන මගේ දවල් ආහාරය ඒ විතරන් ම නෙවෙයි සුවඳ හමන එක එක විදියෙ කෑම වර්ග අඩුවක් නැතිව මට ලැබුණා-හරියට ම මම ආයෙමත් පුංචි කාලයට ගියා වගේ-ඒ තරමටම පරිස්සමක් මට ලැබිලා.
මගේ පුංචි පැටියට අහන්න එයාගේ අත්තම්මා කවි කියනවා.ඒ කවිවල තාලයට ද මන් දා මගේ පැටියා එයාගේ පුංචි කකුල් හෙමිහිට හෙමිහිට මගේ කුසට තද කරනවා.අම්මා කෙනෙක් වෙනවා කියන්නෙ ජීවිතේ මොන තරම් සතුටක් ද කියලා මට හිතුනා.මේ විදියට මහගෙදර ජීවිතේ සතුටින් ගෙවුනත් මගේ සැමියගේ ගෙදරින් ටික කාලයකට හරි ඈත් වුන එක ගැන ලොකු දුකක් හික ඇතුලෙ රැදිලා තිබුණා.
ගෙවිලා යන කාලෙත් එක්ක ම මගේ පුංචි පැංචි මේ ලෝකේ එළිය දකින දවසත් ලඟා වුනා.හරියට ම ඒ නොවැම්බර් 21 පුංචි පැංචි මගේ දෝතට ආවා.මේ පුංචි රෝස මලත් එක්ක ම මගේ ලෝකය තවත් ලස්සන වුනා.ඒ කියන්නේ අපේ පුංචි පවුල සම්පූර්ණ උනා.මේ අපූරු සතුට හැම අම්මා කෙනෙක්ටම දැනෙනවා ඇති.ඇත්තටම ඒ අපූරු වේදනාත්මක අත්දැකීමක්.කොහොම උනත් දරුවා ලැබෙන්න හිටපු කාලේ සාමාන්‍ය විදියට වැඩපල කරපු නිසා හොඳට ඇවිදපු නිසා ඒ විතරක් ම නෙමෙයි මගේ වැඩ බොහොමයක් මමම කරගත්ත නිසා දරුවා ලැබෙද්දි හිත බය කරගන්න කාරණාවක් තිබුණෙ ම නෑ.ඒ හැමදෙයක් ම නිසා තුණුරුවනේ ආශිර්වාදයත් එක්ක පුංචි රෝස පාට දු සිඟිත්තියක් මගේ දෝතට ආවා.
මව් පදවිය කොයි තරම් උතුම් ද අම්මා කෙනෙකුගේ වේදනාව කොයි තරම් ද මේ දේවල් ලබන්න අම්මා කෙනෙක් වෙන්න ම ඕන .මේ මට දැනුන පළමු හැඟීමරෝහලේ ගතකරපු දින දෙකකට පස්සේ මම මගේ පුංචි රෝස මලත් අරගෙන ආයෙමත් මහගෙදරට ආවා.ඒ පුංචි පැංචිගේ චාරිත්‍ර ඉටු කරලා සැමියගේ නිවසට මාසයකින් දෙකකින් යන බලාපොරොත්තුවෙන්-පුංචි පැටියව නාවගන්න කිරිටික හරියට දීගන්න විතරක් ම නෙමෙයි අඩුපාඩුවක් නැතිව මගේ පැටියව ලොකු කරගන්න මගේ අම්මා මගෙ ළඟ හිටපු එක මට ලොකු ශක්තියක් උනා.ජීවිතේ සාමාන්‍ය විදියට ගෙවිලා ගියා.අම්මගෙන් ලැබුණ ශක්තිය වගේ ම මමත් හැමදෙයක් ම තනියම කරගන්න උත්සාහ කළා.කොහෙමෙ උනත් දු පැටියා කුසේ දරාගෙන හිටපු කාලයටත් වඩා වැඩි ආරක්‍ෂාවක් මට මේ කාලෙදි අම්මගෙන් ලැබුණා-නිතර ම ඒ මුවින් පිටවුන වචන වලින් මට ඒ ආදරය දැනුනා.කු`ඵඳුළේම ඉපදුන දරුවනේ පරිස්සම් වෙන්න මගෙ පුතේ.
ජීවිතේ අපි නොපතන දේවල් අපට ලැබෙන්නේ අපි නොහිතන වෙලාවටමයි කියලා මට විශ්වාස කරන්න සිදු උනේ මේ අතරවාරයෙදි.ඒ මගේ සෙවණැල්ල වෙලා මගේ ළඟින් හිටපු අම්මගේ අසනීපයත් එක්ක.
හරියට ම පුංචි පැටියට මාසයයි-.පුංචි පැටිය මගෙ උණුසුමට තුරුඵ වෙලා නින්දත් නොනින්දත් අතර-හිටි හැටියෙම ඇසුනෙ මහ විලාපයක්.වෙන කවුරුත් නෙමෙයි ඒ මගේ ආදරණීය අම්මා.උන්හිටි තැන් අමතක උන මම පැටියව තුරුඵ කරගෙන මිදුලට දිව්වා.දෙවියනේ මගේ අම්මා පුංචි පැටියගෙ කිළිටු රෙදි ටික ගෙට ගන්න ගිහින් ලේ විලක් මැද ඇද වැටිලා.මම මහ හයියෙන් විලාප තිබ්බා.මේ කලබලේට පුංචි පැටියා මහ හයියෙන් අඬනවා-දෙවියනේ මගෙ අම්මා .සැමියා නැති අඩුව තදින් ම දැනුනෙ මේ වෙලාවෙදි.මොකද ඔහු ගුවන් හමුදා නිළධාරියෙක් නිසා අපි ළඟ නිතරම රැඳෙන්න අවස්ථාවක් ඔහුට තිබුණෙ නෑ.මගේ විලාපයට දුවගෙන ආව තාත්ත අම්මවත් බොහොම අමාරුවෙන් උස්සගෙන පාරට දිව්වා.මොනවා උනාද මොනවා කරන්න ද කියලා හිතාගන්න බැරිවුන මම ගල් ගැසිලා වගේ බලාගෙන හිටියා.
දෙවියන්ගෙ පිහිටෙන් මගේ අම්මා බේරුනා-හැබැයි රෝහලේ ගතකරන්න වෙන කාලය මෙතෙකැයි කියලා කියන්න බැරි බවත් දැනගන්න ලැබුණා-දරුවෙක් ලබපු අම්මා කෙනෙක් කියන්නේ සාමාන්‍ය විදියටනම් වැඩපල ටිනන් අඩුවෙන් කරන කෙනෙක්-ඒ උනත් මම වෙනදටත් වඩා කාර්යබහුල උනා.පුංචි පැටියගෙ වැඩ විතරක් ම නෙවෙයි ගේ දොර සිය`ඵ වැඩ මගේ අතින් සිදු උනා-කෑම බීම පිළියෙල කිරීම වෙලාවට කලාවට මගේ අම්මට රෝහලට කෑම බීම යවන එක මේහැමදේම මගේ අතින් සිදු කලා.දැනෙන දුක වේදනාව තනිකම කොයි තරම් උනත් පුංචි පැටියගෙ නාමයෙන් ඒ හැමදේම ඉවසන්න මම පුරුදු උනා
ඒ කියන්නේ මගේ අම්මා රෝහල්ගත උනේ ගොඩක් දරුණූ තුවාල දෙකක් එක්ක.
ජීවිතයට ධෛර්යය මොන තරම් වැදගත් ද කියන දේ මට හොඳින් ම දැනුනා.දරුවො ලබපු අම්මා කෙනෙක් කියන්නේ සාමාන්‍ය විදියටනම් වැඩපල ටිකක් අඩුවෙන් කරන කෙනෙක්.ඒ උනත් මම වෙනදටත් වැඩිය කාර්යබහුල උනා.පුංචි පැටියගෙ වැඩ විතරක්ම නෙවෙයි ගේ දොර වැඩ කෑම බී මපිළියෙල කරන දේවල් වෙලාවට කලාවට මගේ අම්මට රෝහලට කෑම බීම යවන දේවල් මේ හැමදේම මගේම අතින් කරන්න පුරුදු උනා.සියල්ල උපේක්‍ෂාවෙන් දරාගන්න පුරුදු උනා.මේ අතරවාරයේ මගේ ම ආදරණීය සැමියගේ ගෙදර යන්න සිය දහස් වාරයක් සිතුනත් තාත්තව තනිකරලා දාලා යන්න මගෙ හිත මට ඉඩ දුන්නෙ නෑ-දෙමාපියෙක් අසරණ උන වෙලාවක දරුවෙක් නැත්නම් ඒ දරුවගෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද -මගෙ හිත නිතරම කීව දේ.
ජීවිතේ ඕනම දෙයක් කරන්න ශක්තිය නෑ කියනවට වඩා ඒ ශක්තිය අමාරුවෙන් හරි ගොඩනගා ගන්න පු`ඵවන්නම් ඒ තමයි ජීවිතේ-මේ හැමදේම ජීවිතයට ලැබුන අභියෝගත් එක්ක මම ඉගනගත්තා.සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසුව බොහෝමයක් මව්වරු මාසයක් දෙකක් ගතවන තුරුම වැඩපලක් නොකර සිටීමට උත්සාහ ගන්නවා.හැබැයි තමන්ගෙ ආරක්‍ෂාවකත් සළසාගෙනම වැඩපල කරගන්න පුරුදු වෙන්න-එහෙම කළොත් හැම අම්මා කෙනෙක්ටම තමන්ගෙ සාමාන්‍ය ජීවිතයට බෙහොම ලෙහෙසියෙන් පුැරුදු වෙන්න හැකියාව ලැබෙනවා-
ජීවිතය සැම විටම රෝස මල් යහනාවක් නොවේ-මේ කතාවේ සත්‍ය හොඳහැටි තේරුම් ගන්න ලැබුණා ඒ මගෙ ජීවිතයට ලැබුණු මේ අත්දැකීම් නිසා.මේ හැමදෙයකටම හිත හයිය කරන් මුහුණ දෙන්න සැමියගෙ වචන පුදුම තරම් ශක්තියක් වුනා.මොකද මේ වගේ වෙලාවක මම මනස අවුල් කරගත්තනම්ලමම රෝගියෙක් වුනානම් පුංචි පැටියත් අසනීප වෙන්න ඉඩ තිබුණා.මේ නිසා මම ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දුන්නා.
යුද්ධ කාලයෙදි පුංචි පැටව් කුස දරාගෙන හිටපු අම්මලා කී දෙනෙක්ටනම් තමන්ගෙ ආදරණීය සැමියා අහිමි උනා ද තමන්ගෙ පැටියගෙ මුහුණවත් නොදැක කී දෙනෙක්නම් සදහටම දෙනෙත් පියාගත්තද?ඒත් ඒ කාන්තාවෝ තමනගෙ දරුවො අනාථ කළේ නැහැ හරි අපූරුවට උස් මහත් කලා-ඒ ඔවුන්ගේ හිතේ ධෛර්යයෙන්.මේ නිසයි අපි අපේ ජීවිතවලට එන අභියෝග උපේක්‍ෂාවෙන් ඉවසීමෙන් දරාගන්න සිදුවෙන්නෙ.
ජීවිතේට ලැබෙන ප්‍රශ්නත් එක්කම ජීවිතේ සාර්ථකව ගෙවන්න උත්සාහ කරන්න.ඒ වගේ ම සැමවිටම ආගම දහම තමන්ගේ ජීවිතයට ලඟා කරගන්න.ඒ දේවල් පෑරුණ සිත් සනසනවා අනිවාර්යයි.
ඉතින් අද වෙනකොට මගේ පුංචි පැටියට මාස පහයි-ඒ වගේ ම එයාගේ අත්තම්මා ආයෙමත් සුවය ලබලා ගෙදර ඇවිත් .මම දැන් ඉන්නේ මගේ සැමියගෙ ගෙදර ගොඩක් අමාරු කාලයකට උපේක්‍ෂාවෙන් මුහුණ දුන්න නිසා ජීවිතේ සතුට ආයෙමත් අපි අතරට ඇවිත්
ඇගේ මතකය සටහන් කළේ NG ☺️..📝